audio

https://vocaroo.com/media_command.php?media=s1tr6G3wF9DU&command=download_mp3

Tuesday, April 9, 2019

Day-To-Day English - 
එදිනෙදා කතාබහට ඉංග්‍රීසි යෙදුම් 100 ක්
*******************************
1. All right! 
 ඔක්කොම හරි.
2. Don’t shout. 
කෑ ගහන්න එපා.
3. Hold tight! 
තදින් අල්ලගන්න.
4. They are all right, aren’t they? එයාල හොඳින් නේද?
5. Evening sir. 
සුභ සැඳෑවක් ,මහත්මයා
6. We are all upset.
 අපි අප්සෙට් එකේ.
7. What else do you want to tell me? 
ඔයාට වෙනමොනවද මට කියන්න ඕනෙ?
8. I didn`t mean it that way.
 මම ඒක එහෙම අදහස් කරේ නෑ./හිතල කිව්වෙ නෑ.
9. Could you please talk slower? 
කරුණාකර හෙමින් කතාකරනවද?
10. Thank you. That helps a lot. 
ස්තූතියි. ඒක ලොකු උදව්වක්.
11. What does NASA mean? 
නාසා කියන එකෙන් අදහස් කරන්නෙ මොකද්ද?
12. How do you spell that? 
ඔයා කොහොමද ඒක අකුරු කියවන්නේ?
13. What do you mean? 
ඔයා මොකද්ද අදහස් කරන්නෙ?
14. Anyone see a knife? 
කාටහරි පිහියක් පේන්න නැද්ද?
15. I want you in charge. 
මට ඕනෙ ඔයා ප්‍රධානිය වෙන්නයි.
16. Good night, my dear. sleep tight. 
සුභ රාත්‍රියක්, මගෙ පැටියෝ. හොඳින් නිදන්න.
17. What`s going on? 
මොකද වෙන්නේ?
18. I have to pick up my kids from school. 
මට පොඩ්ඩො ස්කෝලෙන් ගන්න වෙනව.
19. Have a seat, please. 
වාඩිවෙන්න කරුණාකර.
20. Can you take the boys to school? 
ඔයාට කොල්ලන්ව ස්කෝලෙට අරන්‍යන්න පුලුවන්ද?
21. I can do it. 
මට ඒක කරන්න පුලුවන්.
 22. I wish I could, but I have an interview.
මට පුලුවන් උනානම් කියල හිතෙනව , ඒත් මට සම්මුඛසාකච්ඡාවක් තියේ.
23. It was interesting. 
ඒක ආකර්ශනීය වුනා.
24. I couldn’t find a word to express. 
මට කියාගන්න වචනයක් හොයාගන්න බැරි උනා.
25. I think you are right. 
මම හිතනව ඔයා හරි.
26. What have you noticed? 
ඔයාට මොනවද දැනිල තියෙන්නෙ?
27. Anything else? 
වෙන මොනවත්?
28. Can I see your ID? 
මට ඔයාගෙ අයිඩී ඒක බලන්න පුලුවන්ද?
29. I’m sorry, Nina. I just can`t. 
මට කණගාටුයි,නීනා. මට බෑ.
30. Not like this. 
මේ වගේනම් බෑ./ මේ වගේ නෙමෙයි
31. He has already got a phone. 
ඔහුට දැනටමත් ෆෝන් එකක් තියෙනව.
32. Do I look like your girlfriend? 
මම ඔයාගේ ගෑනුළමය වගේද පේන්නෙ?
33. This is ridiculous. 
මේකනම් විහිළුවක්.
34. I want to get to bed before midnight. 
මට රෑමැදියමට ඉස්සර නිදන්න ඕනෙ.
35. Are you ready? 
ඔයා සූදානම්ද?
36. What`s wrong with you? 
ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ?
37. This is far enough. 
මේ දුර ඇති. / දැන් ඇති / මේ ආව ඇති
38. I will take a look. 
මම පොඩ්ඩක් බලන්නම්.
39. It is a form of crazy? 
ඒක එක විදියක පිස්සුවක්.
40. That’s better. 
ඒක වඩා හොඳයි.
41. What have you got there? 
ඔයාට එහේ මොනවද තියෙන්නෙ?
42. What are you talking about? 
ඔයා මොනව ගැනද කතාකරන්නෙ?
43. What are you doing? 
ඔයා මොනවද කරන්නෙ?
44. I`m gonna go to temple. 
මම පන්සලට යන්න කියල.
45. I need to borrow your car. 
මට ඔයාගෙ කා එක පොඩ්ඩකට ගන්න වෙනව.
46. I can`t talk about our clients. 
මට අපේ සේවාලාභීන්ගැන කතාකරන්න බෑ.
47. Do you know what that is? 
ඔයා දන්නවද ඒ මොකද්ද කියල?
48. You mean? 
මොකද්ද ඔයා අදහස්කරන්නේ?
49. How does he sound? 
එයා කොහොමද?
50. I went through some bills on your table. 
මම ඔයාගේ මේසෙ උඩ බිල් ටිකක් බැලුව.
51. I am sure. 
මට විශ්වාසයි.
52. He trusts you. 
ඔහු ඔයාව විශ්වාස කරනව.
53. I like it here. 
මම කැමතියි මෙහේට.
54. I wasn`t yelling at him. 
මම ඔහුට කෑගැහුවේ නෑ.(කෑගහන ගමන් නෙමෙයි උන්නේ)
55. Can you please come down? 
ඔයාට පහලට එන්න පුලුවන්ද.
56. I am done. 
මට ඇති. / මම ඉවරයි.
57. I want to go home. 
මට ගෙදර යන්න ඕනෙ.
58. How do you feel it? 
ඔයාට කොහොමද ඒක දැනෙන්නෙ?
59. I don’t know. 
මම දන්නෙ නෑ.
60. Can`t you call your monkey off? Throw him some nuts. 
ඔයාට බැරිද ඔයාගෙ රිලවව පොඩ්ඩක් නවත්තගන්න? ඌට කජු ටිකක් විසිකරානම් හරි. (උපහාසය)
61. The kids not up yet? 
පොඩ්ඩන්ව නැගිටල නැද්ද තාම?
62. I want that job done. 
මට ඒ වැඩේ කෙරෙන්න ඕනෙ.
63. They are not my strong suits. 
ඒවට මම ඒතරම් දක්ෂ නෑ.
64. We are safe now. 
අපි ආරක්ෂාකාරියි දැන්.
65. No idea. 
මට අදහසක් නෑ.
66. I thought this would be the most suitable way. 
මම හිතුවේ මේක ගැළපෙනම විදිය වෙයි කියල.
67. I cannot let you do this. 
මට ඔයාට මේක කරන්න ඉඩදෙන්න බෑ.
68. Let`s do it. 
ඒක කරමු.
69. It`s not the problem. 
ඒක නෙමෙයි ප්‍රශ්නෙ.
70. Change the conversation. 
සංවාදය වෙනස් කරන්න.
71. It would help if you stopped calling him. 
ඒයට කතාකරන එක ඔයා නැවැත්තුවනම් හරියයි.
72. Here we go. 
ඔන්න අපි එහෙනම්.
73. It is bad. I know. 
ඒක නරකයි. මම දන්නව.
74. Nothing. 
මොකුත් නෑ.
75. Boss feels it is important to send the message. 
ලොක්ක හිතනව පණිවිඩය යවන එක හොඳයි/ වැදගත් කියල.
76. It is out of control. 
ඒක පාලනයකරගන්න බෑ./ පාලනයෙන් තොරයි
77. It has to stop. 
ඒක නවතින්න වෙනව.
78. I know. 
මම දන්නව.
79. What am I supposed to do? 
මම මොනව කියල කරන්නද?
80. You know I can`t go to the police. 
ඔයා දන්නවනෙ මට පොලිසියට යන්න බෑ.
81. I am broken. 
මට ඇතිවෙලා තියෙන්නේ.
82. You believe me now? 
ඔයා දැන් මාව විශ්වාසකරනව නේ?
83. I can do it. 
මට ඒක කරන්න පුලුවන්.
84. It is on Skype, in about ten minutes. 
ඒක ස්ක්යිප් එකේ (කෙරෙනව) විනාඩි දහයකින් විතර.
85. I am sorry. 
මට සමාවෙන්න.
86. She ready? 
ඇය ලෑස්තිද?( Is she ready- ලුහුව)
87. It is bad. 
ඒක නරකයි.
88. You look great. 
ඔයා හොඳටම ඉන්නවා.
89. I don`t like being surrounded by people. 
මම කැමති නෑ මිනිස්සු වටවෙනවට.
90. I didn’t tell him anything. 
මම එයාට මොකුත් කිව්වේ නෑ.
91. You shouldn’t listen to her. 
ඔයා එයාකියනවට අහන්න හොඳනෑ./ කියනදේ/ අදහස්
92. You know what we need to do? 
ඔයා දන්නවනෙ අපි කරන්න ඕනෙ මොනවද කියල?( කතාවට පමණයි)
93. I have an idea for that. 
මට ඒකට අදහසක් තියෙනව.
94. come next week. 
ඊලඟ සතියෙ එන්න.
95. Not going to happen. 
වෙන්නෙනම් නෑ. (It is not ... ලුහුව)
96. That`s the point. 
ඒකයි කාරනේ.
97. You think so? 
ඔයා එහෙම හිතනවද?
98. It is not my cup of tea. I don’t like it. 
ඒක මගේ ටයිප් එකේ නෙමෙයි. මම කැමති නෑ ඒකට.
99. You can make it. 
ඔයාට ඒක කරන්න පුලුවන්.
100. We did it! 
අපි ඒක කළා!
101. It is up to you. 
ඒක ඔයාට බාරයි.
102. Why not? 
ඇයි නැත්තෙ?
103. It is happening. 
ඒක වෙනව.
104. Why don’t you go and see? 
ඔයා ගිහින් බැලුවොත් මොකද?
105. I am happy today. 
මට අද සතුටුයි.
************************************

No comments:

Post a Comment